Wednesday, January 31, 2018

හොරාගත් හීන



කාසි කොලවල
අරුංගල් ජිවිත
සුවඳ සොයා සොයා
සමනලිය ඇය
සිහින සිත්තම්
ගෙත්තමක් කල
මතක තබලා
ඔබ ගියපු දුර
සිහින් වූ මගෙ
හදත් අරගෙන
සඳවතිය ඔබ
කොහේ යනවද........

හොරාගත් හීන















හඳට අයිති නොවූ
එකම තරුවක් 
පුරා වරුවක්
සිහින දුටුවත්
නොවේ අභිමන්
විවරණය දුන්නත්
ගිලන් සිත ඔබ
රැගෙන යානම්
අහස කුස දෙස බලා ඉන්නම්
අනේ සඳ මගෙ
අහසටම ඒනම්..............

Thursday, January 18, 2018

ෆර්දාවෙන් වසා දැමුණු ජීවිතය













ෆර්දාවට මුවා වූ 
සඳක් වූ වත කමල 
හිනාවෙනවා ඇති 
දුක හිතේ හංගගෙන...

ලඳුන් නම් රූබරයි 
හැඟුම් නම් කෝමලයි 
වසා නුවන් යුගෙන්
දරාගනු කෝමදැයි 

ෆාතිමා යෙහෙළියේ 
සිනාවෙන් ඔය මුවේ 
සරස්වනු ගැහැනියේ
වළකන්නෙ නෑ අනේ 

හැඟුම් ඇති තෙරපෙනා
එය මුදලනු විනා 
නුඹ ඇයිද ෆාතිමා 
සළුවකට යට වෙලා 

අවසරයි යෙහෙලිය් 
මුදනු රූ සිරි නුඹේ    
කෝමල වූ ඔය මුවේ 
සිනහවන් දිලියේ....

තටු සින්ද සමනලුන්














සයනයිඩ් වෙඩි උණ්ඩය තුවක්කුව
සෙල්ලම් බඩු නොලද නුඹගේ සේසතය
මරුවා එනවා දැක දැක
වෙඩි තියන්නට
සමනල ළමුන්ගේ තටු සිදි පිසාචයෙක් විය...
අප පොත් පත් තුරුළු කර ගනිද්දී
නුඹේ තුරුලට තුවක්කුව
ගහ කොළ මල් අතර
අප දුව පැන නටද්දී
රැක්කේය මුරපොල නුඹ
ඒ ගස් අතර බියවී
ක්ෂණයෙන් නැසී යන තැනූ සිහින
දෙපා වරු නැතිවී ජීවිත බිලිවෙච්චි
සැකසෙමින් අපායට කරුමයක් ..........

Friday, January 12, 2018

A B අතර ජීවිතය

           









A B අතර 
සින්නක්කරව 
දෝලනය වන 
සිසු ජිවිත...
එකම එක කඩ ඉමෙන් 
හීන කවුළු විවර කර 
වෙන් කරයි එක එකා 
එපිට ලෝකයට ...
එකම මෙසේ 
එකට බත් කෑ උනුත් 
අහක බලා යන 
Risult එකකට 
මිතුරුකම 
පාවාදෙන 
රටක් වෙන කොහිද......?

Sunday, January 7, 2018

මට ආසයි තනිවෙන්න මා එක්කම...


මට  ආසයි

තනිවෙන්න මා එක්කම...

සිතුවිලි තරවටු කරයි  

ඔන්න හරි හරියට...

බනින්න රිද්දන්න

කවුරුත් නැතිකොට

හරිම නිස්කලංකයි

ඔබ නැති මේ පාළුව...

         වෙරළ කොනක ඉදන්

අර ඈත ක්ෂිතිජය...

අඬගසයි මට

එන්න එය වෙත බිඳකට

හිරු අවරට යයි

සඳකට පාවාඩ එළමින...   

කලුවරයි   මේ හිස් අහසම

හිස් තැනක් මගේ දිවියම.

හොරාගත් හීන

කාසි කොලවල අරුංගල් ජිවිත සුවඳ සොයා සොයා සමනලිය ඇය සිහින සිත්තම් ගෙත්තමක් කල මතක තබලා ඔබ ගියපු දුර සිහින් වූ මගෙ හදත්...